පුෂ්පානන්ද ඒකනායක මහතා විවිධ හැඩයෙන් යුත් සිංහල අකුරු නිර්මාණය කිරීමේ නිරත වූයේ කුඩා කාලයේ සිටයි. ඒකනායක මහතා විසින් නිර්මාණය කරන ලද පළමු සිංහල ෆොන්ටය වූයේ ‘මලිති’ නමින් හැඳින්වූ සිංහල අක්ෂර මාලාවයි. 1998 දී ඒකනායක මහතා විසින් නිර්මාණය කළ කරන ලද ෆොන්ට 10 ක් නිකුත් කළ නමුත් මේවාට පෙළ අකුරු සඳහා යොදා ගත හැකි අකුරු වර්ගයක් ඇතුළත් නොවීය. පෙළ අකුරු සඳහා වූ ෆොන්ටයක අවශ්‍යතාවක් තිබූ අතර ඒකනායක මහතා විසින් ඒ සඳහා ඉතා ජනප්‍රිය සිංහල ඇස්කී ෆොන්ටයක් වූ ‘එෆ්එම් අභය’ අකුරු නිර්මාණය කරන ලදී. ඉන් පසුව විවිධ අරමුණු සඳහා වූ විවිධ මෝස්තර වලින් යුත් සිංහල අකුරු සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම ද අවශ්‍ය වූයේ ය. ඔහු විවිධ මෝස්තර වලින් යුත් සිංහල අකුරු 12 ක් සැලසුම් කර වැඩි දියුණු කළේ එම අවශ්‍යතාව සපුරාලීමටයි.
ඒකනායක මහතා පසුව ජාත්‍යන්තර ආකේතකරණ යුනිකෝඩ් සම්මතයට අනුකූලව ෆොන්ට නිර්මාණය කළේ ය. ඔහු විසින් නිර්මාණය කරන ලද එවැනි එක් ෆොන්ටයක් වූයේ ප්‍රධාන වශයෙන් වෙබ් අඩවි වල භාවිතය සඳහා නිර්මාණය කළ ‘මලිතිවෙබ්’ නම් සරල ෆොන්ටයයි. ඒකනායක මහතා මෙම ෆොන්ටය තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයට ලබා දුන්නේ පරිශීලකයින්ට නොමිලේ ලබා දීමටයි. පසුව ඒකනායක මහතා විසින් “ෆොන්ට්මාස්ටර්” සමාගම පිහිටුවන ලද අතර එමඟින් ඔහු සිංහල ෆොන්ට සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම අඛණ්ඩව සිදු කළේය. ඒකනායක මහතා පැහැදිලි කරන්නේ සිංහල භාෂාවට පූර්ණ සහය නො දක්වන ප්‍රකාශන මෘදුකාංග, යුනිකෝඩ් ප්‍රමිතිය අනුගමනය කිරීමට බාධාවක් වී ඇති බවයි.
කෙටි වීඩියෝව
සම්පූර්ණ වීඩියෝව
පුෂ්පානන්ද ඒකනායක මහතා කුඩා කල සිටම විවිධ හැඩයන්ගෙන් යුත් සිංහල අක්ෂර නිර්මාණය කිරීමේ නිරත විය. ඔහුගේ දෙමව්පියන්ගේ අත් අකුරු ද දැකුම් කළු මෙන් ම සෞන්දර්යාත්මක ව ආකර්ෂණීය වූයේ ය. පාසල් සිසුවෙකු ව සිටිය දී පවා පුෂ්පානන්ද ඒකනායක මහතා පෝස්ටර්, ප්‍රස්තාර සහ වෙනත් ලියකියවිලි වල සිංහල අකුරු සැලසුම් කර තිබේ.
පුෂ්පානන්ද ඒකනායක මහතා 1981 දී කොළඹ වෙළඳ ප්‍රචාරණ ආයතනයක් වන ‘ෆීනික්ස්’ සමාගමේ රැකියාව ආරම්භ කරන විට, ඔහු ප්‍රධාන වශයෙන් සම්බන්ධ වූයේ අක්ෂර අලංකාර ලෙස ලිවීමේ කටයුතුවලටයි. ඉන් පසුව, 1982 දී ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බැඳුණු අතර එහි දී ඔහුට පැවරුණ ප්‍රධාන කාර්යය වූයේ සිංහල අකුරු සැලසුම් කිරීමයි. 1990 දශකයේ දී ලංකාවේ පරිගණක භාවිතය ප්‍රචලිත වුවත් ඒකනායක මහතා සඳහන් කරන්නේ මෙම අවධියේ දී පරිගණක වල භාවිතා කරන ලද සිංහල අක්ෂර වල අඩුපාඩු තිබූ බවයි. සෞන්දර්යාත්මක ව නිවැරදි නො වූ මෙම සිංහල අක්ෂර ප්‍රධාන වශයෙන් නිර්මාණය කළේ කාර්මික ශිල්පීන් විසින් මිස නිර්මාණකරුවන් විසින් නොවීම මෙයට හේතුව විය. එම නිසා 1994 දී පමණ ඒකනායක මහතා පරිගණකයක් මිලදී ගෙන විවිධ හැඩතල සහිත සිංහල අකුරු නිර්මාණය කිරීම ආරම්භ කළේය.
ඒකනායක මහතා විසින් නිර්මාණය කරන ලද පළමු සිංහල ෆොන්ටය වූයේ ‘මලිති’ නමින් හඳුන්වන ලද සිංහල අක්ෂර මාලාවයි. සිංහල අකුරු වලට ආවේණික වූ නිවැරදි වටකුරු හැඩය සහතික කිරීම සඳහා ඔහු මෙම ෆොන්ටය නිර්මාණය කිරීමේ දී එයට ඉතා සියුම් අවධානයක් යොමු කළේ ය. ඒකනායක මහතා විසින් නිර්මාණය කරන ලද අකුරු 10ක් 1998 වර්ෂයේ දී නිකුත් කරන ලදී. නමුත් මේවා අතර විශාල ලේඛන සඳහා වු පහසුවෙන් කියවිය හැකි ෆොන්ටයක් නො තිබුණි. ‘ටයිම්ස් නිව් රෝමන්’ යන ලතින් අකුරු මෙයට උදාහරණයකි. පෙළ අකුරු සඳහා භාවිතා කළ හැකි ෆොන්ටයක අවශ්‍යතාවක් ඇති බව වටහා ගත් පුෂ්පානන්ද ඒකනායක මහතා එවැනි ෆොන්ටයක් නිර්මාණය කිරීම ආරම්භ කළේ ය. මුද්‍රණ කටයුතු සඳහා ඊයම් අකුරු භාවිතා කළ අවධියේ සිට 1990 දශකය දක්වා වසර ගණනාවක කාලය තුළ සිංහල අකුරු විකාශනය වී ඇති ආකාරය අධ්‍යයනය කළ ඒකනායක මහතා පෙළ අකුරු සඳහා සුදුසු ෆොන්ටයකත් නිර්මාණය කිරීමට තීරණය කළේ ය. මෙම ව්‍යායාමයේ ප්‍රතිඵලය වූයේ ඉතා ජනප්‍රිය වූ ‘එෆ්එම් අභය’ නම් සිංහල ඇස්කි ෆොන්ටයයි. එය අවසානයේ දී රාජ්‍ය අංශයේ සංවිධාන, ප්‍රකාශන ආයතන මෙන් ම උපාධි අපේක්ෂකයින්ගේ නිබන්ධන ආදිය සඳහා වූ සම්මත අක්ෂර මාලාවක් බවට පත් විය.
ඉන් පසුව විවිධ අරමුණු සඳහා වූ සුවිශේෂී ලක්‍ෂණ සහ පෞරුෂයන්ගෙන් යුත් විවිධ මෝස්තර වලින් යුත් සිංහල අකුරු සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම අවශ්‍ය විය. ඒ අනුව පුෂ්පානන්ද ඒකනායක මහතා විවිධ මෝස්තර වලින් යුත් සිංහල අකුරු 12 ක් සැලසුම් කර සංවර්ධනය කළේ ය – උදා. මෙයින් එකක් පැරණි පුස්කොළ පොත් වල භාවිතා වූ සිංහල අකුරුවලට සමාන අක්ෂරයක් වූ අතර තවත් ෆොන්ටයක් විශාල ඝන ස්වරූපයක් පෙන්නුම් කළේය. ඔහු නිර්මාණය කළ තවත් ෆොන්ටයක් විවිධ කලාත්මක කටයුතු සඳහා සුදුසු වූයේ ය.
මේ අනුව විවිධ අරමුණු සහ විවිධ කටයුතු සඳහා භාවිතා කළ හැකි සිංහල ෆොන්ට තිබුණත් ඒකනායක මහතා පවසන්නේ එ්වා ප්‍රමාණවත් නොවූ බවයි. එම නිසා ඔහු විවිධ මෝස්තර වලින් යුත් සිංහල අකුරු සැලසුම් කරමින් සිටී. ඔහු තවදුරටත් පැහැදිලි කරන්නේ ලොව පුරා ඇති අකුරු වර්ගීකරණයන්ට අනුව පෙළ අකුරු සඳහා වැඩි වශයෙන් භාවිතා කෙරෙන්නේ කුඩා රේඛා, ප්‍රධාන රේඛාවට සම්බන්ධ කර ඇති ‘සෙරීෆ්’ අකුරු බවයි. ‘සැන්ස් සෙරීෆ්’ අකුරු වඩාත් නවීන වන අතර, එක් රේඛාවකින් සමන්විත වන ඒවායේ සංසන්දනාත්මකව සරල පෙනුමක් ඇත. ‘අභය’ ෆොන්ටය සෙරීෆ් අකුරක් වන අතර සෞන්දර්යාත්මක ව දැකුම් කළු ‘බිංදුමතී’ අකුරු ද සාපේක්ෂව තුනී රේඛා සහිත සෙරීෆ් ෆොන්ටයක් බව ඔහු තවදුරටත් පැහැදිලි කරයි. ‘සමන්ත’ යනු මෙම ෆොන්ටයේ තරමක් ඝන අනුරූපණයක් වේ. ‘ගංගානි’ සහ ‘බාසුරු’ යන ෆොන්ට සැන් සෙරීෆ් ෆොන්ට වන අතර පුස්කොළ පොත්වල ඇති සිංහල අකුරු හා සමාන ‘ගුරුළුගෝමි’ වැනි වෙනත් ශෛලීය අකුරු බොහෝමයක් ඔහු නිර්මාණය කර තිබේ. මංගල උත්සව වැනි කටයුතු සඳහා වූ ආරාධනා පත්‍ර ආදියේ භාවිතා කළ හැකි අකුරු මෙන් ම නාම පුවරු ආදිය සඳහා සුදුසු අකුරු ද ඒකනායක මහතා විසින් නිර්මාණය කර තිබේ. ‘ගැමුණු’ වැනි හතරැස් හැඩයක් සහිත ෆොන්ට ඉදිරිපත් කළ විට බොහෝ දෙනෙක් විමසා සිටියේ සිංහල අකුරු වටකුරු හැඩයෙන් යුක්ත බැවින් මෙවැන්නක් නිර්මාණය කළේ ඇයි ද යන්නයි. පසුව, ඒ හා සමාන ‘දවස’ ෆොන්ටය ඉතා ජනප්‍රිය විය. ඔහු පැහැදිලි කරන්නේ හතරැස් අකුරු වලින් කුඩා ඉඩක වැඩිපුර අකුරු අඩංගු කළ හැකි බවයි.
පරිගණක වල භාවිතා කළ හැකි අකුරු සකස් කිරීමට පුෂ්පානන්ද ඒකනායක මහතා යොදා ගත්තේ, ෆොන්ට සංස්කාරකයක් වන ‘ ෆොන්ටොග්‍රැෆර්’ මෘදුකාංගයේ 3.0 අනුවාදයයි. මෙම කාලයේ සීඩී තැටි නොතිබුණ බැවින් මෘදුකාංග ලබා ගත හැකි වූයේ නම්‍ය තැටි වලයි. දැන් මෙවැනි කටයුතු සඳහා ‘ෆොන්ට්ලැබ්’ ෆොන්ට සංස්කාරකය තිබේ. ඒකනායක මහතා වැඩිදුරටත් පවසන්නේ මුලින් ඇස්කි අකුරු නිර්මාණය කළ නමුත් පසුව ඔහු ජාත්‍යන්තර ආකේතකරණ යුනිකෝඩ් සම්මතයට අනුකූලව ෆොන්ට නිර්මාණය කළ බවයි. ඔහු විසින් නිර්මාණය කරන ලද එවැනි අක්ෂර මාලාවක් වන්නේ වෙබ් අඩවි වල ප්‍රධාන වශයෙන් භාවිතා කිරීමට සැලසුම් කළ ‘මලිතිවෙබ්’ නම් සරල අකුරයි. ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) වැඩසටහන් අධ්‍යක්ෂවරයකු ලෙස සිටියදී මහාචාර්ය ගිහාන් ඩයස් විසින් මෙම ෆොන්ටය සඳහා නීති රීති සකස් කළේ ය. ඒකනායක මහතා මෙම ෆොන්ටය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට ලබා දුන්නේ පරිශීලකයන්ට එය නොමිලේ ලබා දීමටයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වෙබ් අඩවිය වන www.icta.lk මඟින් එය ලබා ගත හැකියි. එල්කේ වසම් ලේඛකාධිකාරය විසින් සකස් කර නඩත්තු කරනු ලබන දේශීය භාෂා පිළිබඳ වෙබ් අඩවිය වන www.language.lk වෙබ් අඩවියෙන්ද එය ලබා ගත හැකි වේ. ඒකනායක මහතා විසින් “ෆොන්ට්මාස්ටර්” සමාගම පිහිටුවන ලද අතර එමඟින් ඔහු සිංහල අකුරු සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම අඛණ්ඩව සිදු කළේය.
ප්‍රකාශන මෘදුකාංග, සිංහල භාෂාවට පූර්ණ සහය නොදැක්වීම නිසා විශේෂයෙන්ම යුනිකෝඩ් ප්‍රමිතිය අනුගමනය කිරීමට බාධාවක් වී ඇති බව ඒකනායක මහතා පෙන්වා දෙයි. ලේක්හවුස් ආයතනය (සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම) විසින් මෙම ගැටලුවට තාවකාලික විසඳුමක් සොයා ගන්නා ලදී. එබැවින් පුෂ්පානන්ද මහතා ලේක්හවුස් ආයතනය සඳහා යුනිකෝඩ් සිංහල ෆොන්ට 12 ක් නිර්මාණය කර දුන්නේය.. ගූගල් සඳහා ඔහු යුනිකෝඩ් විවෘත මූලාශ්‍රය වන ‘අභයලයිබ්‍රේ’ (අභයලයිබ්‍රේ බොල්ඩ්, අභයලයිබ්‍රේ එක්ස්ට්‍රා බෝල්ඩ් යනාදිය) ලෙස අභය මුල් අකුරු තවදුරටත් දියුණු කළේය. අන්තර්ජාලය සඳහා ශෛලීගත අකුරු එතරම් අවශ්‍ය නොවේ, මන්ද යත් වෙබ් අඩවි වල භාවිතා කරන අකුරු, විශේෂයෙන් ජංගම උපාංග හරහා ප්‍රවේශ වන විට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ කියවීම පමණක් වන බැවිනි.
මේ වන විට පුෂ්පානන්ද ඒකනායක මහතා පවසන්නේ තමාට යම් යම් තාක්ෂණික අඩුපාඩු කම් තිබුණත් ඔහු යුනිකෝඩ් සිංහල අකුරු නිර්මාණය කරමින් සිටින බවත් මෙම ක්ෂේත්‍රය තුළ ඔහු විශිෂ්ටත්වය සඳහා වෙහෙසෙන බවත් ය.