ලාල් ඩයස් මහතා වරලත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් මෙන් ම බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ සාමාජිකයෙක් ද වෙයි. එක්සත් රාජධානියේ හා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබූ ඒ මහතා මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යා උපාධියක් ද මර්ඩොක් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද හිමි කර ගෙන තිබේ. ඔහු අවුරුදු 25කට වැඩි කාලයක් බැංකු ක්ෂේත්රයේ කටයුතු කර ඇත.
ලංකාවට පැමිණ හැටන් නැෂනල් බැංකුවට සම්බන්ධ වීමට පෙර යුරෝපයේ, අප්‍රිකාවේ හා ආසියාවේ ප්‍රංශ බැංකුවක (Societe Generale) සේවය කළ ලාල් ඩයස් මහතාට පුළුල් ජාත්‍යන්තර අත්දැකීම් තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka C...
වැඩිදුර කියවන්න
Author: Chamali Perera
මහාචාර්ය ගිහාන් ඩයස්
කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ මහාචාර්ය ගිහාන් ඩයස් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉන්ජිනේරු විද්‍යා උපාධියක් ලබා ගත්තේය. කැලිෆෝනියා (ඩේවිස්) විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉන්ජිනේරු අංශයේ මහාචාර්යවරයෙක් වේ. .LK වසම් (.LK Domain Registry) අධිකාරියේ සමාරම්භක හා ප්‍රධාන විධායක නිලධාරියා වන ඔහු 1990 පමණ සිට ඉහළ මට්ටමේ වසම් (TLD) කළමනාකරණ කටයුතුවල නියැලී සිටි.
ලංකා අධ්‍යාපනික හා පර්යේෂණ ජාලය (LEARN) පිහිටුවීමේත්, ක්‍රියාත්මක කිරීමේත් පුරෝගාමියෙක් වන මහාචාර්ය ගිහාන් ඩයස්, ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්, ගුරුවරුන් හා වෘත්තිකයන්ගේ ලාභ නො ලබ...
වැඩිදුර කියවන්න
මහාචාර්ය අභය ඉඳුරුව
මහාචාර්ය අභය ඉඳුරුව තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්රයට අවතීර්ණ වූයේ 1973 වර්ෂයේ, දැන් මොරටුව විශ්ව විද්‍යාලය යනුවෙන් හඳුන්වන එවකට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ කටුබැද්ද මණ්ඩපයේ ශිෂ්‍යයෙක් ව සිටි අවදියේයි. පසුව ඔහු ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යායතනයෙන් ආචාර්ය උපාධියක් ලබා ගත්තේය.
මහාචාර්ය අභය ඉඳුරුව හඳුන්වනු ලබන්නේ “ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයේ පියා“ ලෙසයි. ඔහු විසින් හඳුනා ගෙන ඇති, උත්සාහ දරා ඇති හා ක්‍රියාත්මක කර ඇති කටයුතු, ශ්‍රි ලංකාවේ අන්තර්ජාල කේෂ්ත්‍රය තුළ සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ. අනූවේ දශකයේ දී “ලංකා පරීක්ෂණාත්මක අධ්‍යයන හා පර්යේෂණ ජාලය“ (LEARN) ස්ථාපිත කිරීම එක් ප්‍රධාන පියවරක් වේ. ලබ...
වැඩිදුර කියවන්න
ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ
ශ්‍රී ලංකාවේ මෘදුකාංග කර්මාන්තයේ හා පුද්ගලික අධ්‍යාපනයේ පුරෝගාමියෙක් වන ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ ඉන්ෆොමැටික්ස් සමාගම් සමූහයේ සමාරම්භක හා සභාපතිවරයා ද වේ.
ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවේ එංගලන්තය හා බෙල්ජියම යන රටවලයි. 1983 වර්ෂයේ ආපසු ලංකාවට පැමිණි ඔහු පරිගණක සමාගමක් ලෙස ඉන්ෆොමැටික්ස් ආයතනය ආරම්භ කළේය. ඉන්ෆොමැටික්ස් සමාගම දෘඪාංග, මෘදුකාංග, පුහුණුව හා නඩත්තුව ආදි සියල්ල ලබා දුන් පූර්ණ විසඳුම් සමාගමක් විය.
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල රටේ ඇති ඉල්ලුමට සරිලන තරම් තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් බිහි නො කරන බැවින් තොරතුරු තාක්ෂණ අංශයේ මානව සම්පත් හිඟයක් ඇති බව අවබෝධ කර ගත් වික්‍රමසිංහ මහතා මැ...
වැඩිදුර කියවන්න
අභය අමරදාස මහතා
කොළම රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අභය අමරදාස මහතා ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ (ANCL) සාමාන්‍යාධිකාරී වේ. පාසලේ දී මුද්‍රණ ශිල්පය ගැන ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබුණු බැවින් අමරදාස මහතා ලේක්හවුස් ආයතනයේ රැකියාවකට ඉල්ලුම් කළ අතර 1980 දෙසැම්බර් මාසයේ එම රැකියාව ලැබුණි. ඔහුගේ වෘත්තිය උනන්දුව තිබුණේ චිත්‍රක කලාව හා මුද්‍රණ තාක්ෂණ ශිල්පය ගැනයි. අමරදාස මහතා ඔෆ්-සෙට් ලිතොග්‍රාෆ්, මුද්‍රණය සඳහා සැලසුම්, පිරිවැය හා ඇස්තමේන්තු කිරීම හා චිත්‍රක පුනර්-ඡායාරූපකරණය ඇතුළු මුද්‍රණ තාක්ෂණය පිළිබඳ තෘතීයික පාඨමාලා හදාරා තිබේ. මේ සඳහා ඔහු පළමු පන්තියේ ස්වර්ණ සම්මාන ද දිනා ගෙන ඇත. රජත සම්මාන...
වැඩිදුර කියවන්න
යසා කරුණාරත්න මහතා
යසා කරුණාරත්න මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේයි. 1967 වර්ෂයේ ලංකා විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී ගෞරව උපාධියක් ලබා ගත් ඔහු අවුරුදු දෙකක් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා හා ගණිත අංශවල සේවය කළේය. ඉන් පසු ඔහු බැඳුණේ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවටයි. මෙය ඒ වන විට රටේ පරිගණකයක් තිබු එකම රාජ්‍ය ආයතනය වු අතර යසා කරුණාරත්න මහතා ඔහුගේ පරිගණක වෘත්තිය ජීවිතය ආරම්භ කළේ මෙහිදීය.
1970 වර්ෂයේ දී කරුණාරත්න මහතා ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට එක් වූ අතර 1971 ජන සංගණනය සැලසුම් කිරීමේ වගකීම දැරුවේ ඔහුයි. 1972 දී පද්ධති විශ්ලේෂකයෙකු ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවට බැදුණු කරුණාරත්න මහතා පසුව...
වැඩිදුර කියවන්න
ලක්ෂ්මන් හෙටිටිආරච්චි මහතා
ලක්ෂ්මන් හෙට්ටිආරච්චි මහතා වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙක්, බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ සාමාජිකයෙක් හා නීතිඥයෙක් ද වේ. 1979 වර්ෂයේ මූල්‍ය හා පරිපාලන කළමනාකරු ලෙස අයිබීඑම් (IBM) සමාගමට බැදුණු ඔහු එහි ගිණුම් හා අයවැය සම්බන්ධ කටයුතුවල නිරත විය. පසුව අලෙවිකරණ ක්ෂේත්රයට පිවිසී හෙට්ටිආරච්චි මහතා අවසානයේ අයිබීඑම් ශ්‍රී ලංකා සමාගමේ දේශීය කළමනාකරු විය.
(more…)
වැඩිදුර කියවන්න
ජෝන් එන් එල් සී ප්‍රනාන්දු මහතා
ජෝන් එන් එල් සී ප්‍රනාන්දු මහතා අධ්‍යාපනය ලැබුවේ කොළඹ සාන්ත බෙනඩික් විද්‍යාලයේ හා පේරාදෙණියේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේය. පරිගණක පිළිබඳ ඔහුගේ උනන්දුව ඇති වූයේ විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යයෙක් ලෙස 1967 දී ප්‍රතිසම පරිගණකයක් භාවිතා කරමින් පැවරුමක් කිරීමට සිදු වූ අවස්ථාවේයි.
බෙල්ජියන් රජයෙන් පිරිනැමුණු ශිෂ්‍යත්වයක් යටතේ 1979/80 දී ප්‍රනාන්දු මහතා තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ දී (AIT) පරිගණක යෙදුම් හා කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තේ ය. ඔහුගේ නිබන්ධයේ මාතෘකාව වූයේ “ශ්‍රී ලංකාවේ පරිගණක යෙදුම් සඳහා ඇති සම්පත් පිළිබඳ සමික්ෂණය“ යන්නයි. මෙහි ක්ෂේත්‍ර කටය...
වැඩිදුර කියවන්න
ජයන්ත ප්‍රනාන්දු මහතා
නීතිඥයෙක් වන ජයන්ත ප්‍රනාන්දු මහතා අවුරුදු 20ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කටයුතු කර තිබේ. තොරතුරු තාක්ෂණය හා සන්නිවේදන නීති පිළිබඳ ව ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් විශේෂ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගෙන ඇති ඔහු බුඩාපෙස්ට් සයිබර් අපරාධ ප්රඥප්තියට ශ්‍රී ලංකාව එක් කිරීමට හා එක්සත් ජාතීන්ගේ ඉලෙක්ට්‍රොනික සන්නිවේදන සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කීරීම ආදි කටයුතුවලට නායකත්වය දුන්නේය. මේ දෙක ම දකුණු ආසියානු රටවල් අතරින් පළමු වරට සිදු වූයේ ශ්‍රී ලංකාවේයි.
ජයන්ත ප්‍රනාන්දු මහතාගේ විශේෂඥ දැනුම පුළුල් පරාසයක විහිදෙයි. ඒවා අතර තොරතුරු සුරක්ෂිතතාව, සයිබර් අපරාධ, බුද්ධි...
වැඩිදුර කියවන්න
මහාචාර්ය පි. ඩබ්ලිව්. ඈපාසිංහ
මහාචාර්ය පි. ඩබ්ලිව්. ඈපාසිංහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) වැඩබලන සභාපති හා සභාපති ලෙස කටයුතු කර ඇති අතර 2017 පෙබරවාරි වන තෙක් ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා විය.
ශිෂ්‍යයෙක් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වූ මහාචාර්ය ඈපාසිංහ ගණිතය පිළිබඳ පළමු පන්තියේ විශේෂ විද්‍යාවේදී උපාධියක් ලබා ගත්තේය. එම වසරේ විද්‍යා පීඨයේ වැඩි ම ලකුණු ලබාගත් ශිෂ්‍යයා වීම නිසා ඔහුට විශේෂ විද්‍යා ශිෂ්‍යත්වයක් ලැබුණි. 1965 වසරේ දී ලන්ඩනයේ ඉම්පීරියල් කොලොජ් ඔෆ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ආයතනයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධයේ මාතෘකාව වූයේ “ප්‍රති-රේඛීය ප්රමාණීකෘ...
වැඩිදුර කියවන්න